කලා

කංගනා රනවුත් ජාතික සම්මානයෙන් පිදුම් ලබයි

(UTV | ඉන්දියාව) – මණිකර්ණිකා සහ පංගා චිත්‍රපටිවල විශිෂ්ට රඟ පෑම වෙනුවෙන් කංගනා ජාතික සම්මානයෙන් පිදුම් ලැබුවාය. ඒ ඇගේ හතර වෙනි ජාතික සම්මානයයි.   

එම සතුට ද, ඇගේ ඊ ළඟ චිත්‍රපටිය වන තලයිවි හි ප්‍රචාරක පටය එළි දැක්වීම ද, ඇගේ උපන් දිනය යෙදුණ මාර්තු 23 දාම සමරන්නට කංගනා රනවුත්ට අවස්ථාව ලැබිණි.

2005 වසරේදී බොලිවුඩයට පිවිසෙන ඇය අනුරාග් බාසුගේ ගෑංග්ස්ටර් චිත්‍රපටයෙන් සිය සිනමා දිවිය ඇරඹීය.

කංගනා රනවුත් එහි ප්‍රධාන චරිතය රඟ පෑවා පමණක් නොව ක්ෂේත්‍රය තුළ නොමැකෙන නමක් ද රඳවා ගත්තාය.

Related posts

දින තුනක සිනමා වැඩමුළුවක්

Mohamed Dilsad

අලුත් පෙම්වතිය සමග රඟපාන රිතික් රෝෂන්

Mohamed Dilsad

නිළියන් අතර තවමත් තරුණිය ඇයද?

Mohamed Dilsad

Leave a Comment