දේශීය

කොවිඩ් ආසාදිත 38 හැවිරිදි පුද්ගලයෙක් මරුට

(UTV | කොළඹ) – කොවිඩ් -19 වෛරසය ආසාදිත 3 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරුකර තිබේ.

ඒ අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී මියගිය සංඛ්‍යාව 591 ක් දක්වා ඉහළගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, තණමල්විල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි කාන්තාවකි.

මේ අතර අද (07) දිනයේ තවත් ආසාදිතයින් 52 දෙදෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අද දිනයේ හඳුනාගත් ආසාදිතයින් ගණන 190 කි.

Related posts

ඉදිරියේ දී විදුලි බිලට සිදුවන වෙනස

Mohamed Dilsad

ලෝක වාසීන් රැකදෙන ලෙසට ශුද්ධෝත්තමයන් වහන්සේ දේව මෙහෙයක

Mohamed Dilsad

උතුරු දුම්රිය මාර්ගයේ පීලි පැනීමක්

Mohamed Dilsad

Leave a Comment