දේශීය

කොවිඩ් ආසාදිත 38 හැවිරිදි පුද්ගලයෙක් මරුට

(UTV | කොළඹ) – කොවිඩ් -19 වෛරසය ආසාදිත 3 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරුකර තිබේ.

ඒ අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී මියගිය සංඛ්‍යාව 591 ක් දක්වා ඉහළගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, තණමල්විල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි කාන්තාවකි.

මේ අතර අද (07) දිනයේ තවත් ආසාදිතයින් 52 දෙදෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අද දිනයේ හඳුනාගත් ආසාදිතයින් ගණන 190 කි.

Related posts

රටේ ජනතාව බුද්ධිමත්ව ක්‍රියාකළ යුතුයි – යුද හමුදාපති

Mohamed Dilsad

අන්තරේ සිසුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගත්තේ නෑ

Mohamed Dilsad

මෝදර පොලිස් වසමේ මාවත් කිහිපයක් හුදෙකලා කෙරේ

Mohamed Dilsad

Leave a Comment