දේශීය

කොවිඩ් ආසාදිත 38 හැවිරිදි පුද්ගලයෙක් මරුට

(UTV | කොළඹ) – කොවිඩ් -19 වෛරසය ආසාදිත 3 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරුකර තිබේ.

ඒ අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී මියගිය සංඛ්‍යාව 591 ක් දක්වා ඉහළගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, තණමල්විල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි කාන්තාවකි.

මේ අතර අද (07) දිනයේ තවත් ආසාදිතයින් 52 දෙදෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අද දිනයේ හඳුනාගත් ආසාදිතයින් ගණන 190 කි.

Related posts

කිරිපිටි මිලත් ඉහළ යන ලකුණු

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ට ඇප

Mohamed Dilsad

ඩෙල්ටා ආසාදිතයන් 201 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment