දේශීය

රන්ජන් වෙනුවට අජිත් පාර්ලිමේන්තුවට එන ලකුණු

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී තනතුර පුරප්පාඩු වීමත් සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා ඒ සඳහා නම් කරනු ඇති බව වාර්තා වෙයි.   

ඒ මහතා එම මැතිවරණයේදී මනාප ඡන්ද 47,212 ක් හිමිකර ගනිමින් ගම්පහ මනාප ලැයිස්තුවේ පස්වන ස්ථානයට පත්ව තිබුණි.

අජිත් මාන්නප්පෙරුම මහතාගේ නම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කිරිමෙන් අනතුරුව එය ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

එහෙත් ගැසට්ටුව නිකුත් වන තුරු තමන් මන්ත්‍රී තනතුර සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකරන බව ද මාන්නප්පෙරුම මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

රටේ තත්වය ගැන අද, හෙට පාර්ලිමේන්තුවේ විවාද

Mohamed Dilsad

දේශීය සේලයින් සඳහා කැබිනට් අනුමැතිය හිමිවෙයි

Mohamed Dilsad

ටිරාන් අලස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

Editor O

Leave a Comment