දේශීය

කොවිඩ් මරණ 5 ක් – දෙදෙනෙක් බත්තරමුල්ලේ පදිංචිකරුවන්

(UTV | කොළඹ) –කොවිඩ්-19 ආසාදිත රෝගීන් තවත් 5දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (05) තහවුරු කළේය.

ඒ අනුව, මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 586කි.

මෙලෙස මියගොස් ඇත්තේ බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි කාන්තාවක්, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, යාපනය ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

මේ අතර අද දිනයේ කොවිඩ් රෝගීන් 137ක් වාර්තා වූ බව සෞඛ්‍ය බලධාරීන් පැවසීය.

Related posts

අනුරුද්ධ සම්පායෝ ඇතුළු පිරිස යළි රිමාන්ඩ් [UPDATE]

Mohamed Dilsad

අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

Mohamed Dilsad

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්ද අයදුම් කිරීමට තවත් කාලයක්

Mohamed Dilsad

Leave a Comment