දේශීය

ගම සමග පිළිසඳර උතුරු පළාතේ පළමුවැන්න අද

(UTV|යාපනය) – උතුරු පළාතේ පවත්වන ගම සමග පිළිසඳර ප්‍රථම වැඩසටහන අද වව්නියාව දිස්ත්‍රික්කයේ, වව්නියාව උතුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාමසේවා වසමේ දී පැවැත්වීමට නියමිතයි.   

මෙය ගම සමග පිළිසඳර වැඩසටහනේ 17 වැනි වැඩසටහනයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10 ට ඇරඹෙන සංවාදයට දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරුන් ප්‍රමුඛ මහජන නියෝජිතයන් / අමාත්‍යාංශ ලේකම්වරුන් සහ විවිධ ආයතන ප්‍රධානීන් සහ නිලධාරීන් එක්වීමට නියමිතයි.

මෙම ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලු ලෙස අධ්‍යාපන සහ සෞඛ්‍ය ගැටලු හදුනාගෙන තිඛෙනවා. මීට අමතරව 2010 වසරින් පසු සංවර්ධනය නොවූ අතුරු මාර්ග, නිවාස, විදුලිය ඇතුළු යටිතල පහසුකම් ඌනතා, පානීය සහ වගා ජල හිඟය, කෘෂිකාර්මික ගැටළු මෙන්ම වන අලි තර්ජනය ඇතුළු ප්‍රශ්නද ජනතාව මුහුණ දෙන ප්‍රධාන අභියෝග අතරට අයත්.

ඉඩම් අයිතිය පිළිබඳ ගැටලුවට ස්ථීර විසඳුම් ලබා ගැනීම, වැව් සහ ඇල වේලි සංවර්ධනය, බෝගස්වැව රෝහල වැඩිදියුණු කිරීම, පොහොර ගබඩාවක් ස්ථාපනය කිරීම ගැමි ජනයාගේ සෙසු ඉල්ලීම් අතර වෙයි.

 

Related posts

දේශබන්දුට එරෙහි සිතාසිය බලරහිත කෙරේ

Mohamed Dilsad

දුරගමන් සේවා බස් සති අන්තයේදි සාමන්‍ය පරිදි ධාවනයට

Mohamed Dilsad

කටුනායක ගුවන්තොටුපල විවෘත කිරීම කල් යන ලකුණු

Mohamed Dilsad

Leave a Comment