දේශීය

රුසියාව ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් අරඹයි

(UTV| කොළඹ) – රුසියාව විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් වෙත නැවතත් ගුවන් ගමන් ආරම්භ කර තිබේ.   

ඒ අනුව ඊයේ (01) සිට එම තීරණය ක්‍රියාත්මක වන බව එරට මාධ්‍ය පැවසීය.

ශ්‍රී ලංකාවට අමතරව, ජර්මනිය, තජිකිස්ථානය, උස්බෙකිස්තානය, වෙනිසියුලාව, සහ සිරියාව වෙත රුසියාවේ සිට නිල වශයෙන් ගුවන් ගමන් අරඹා තිබේ.

කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වසරේ සිට බොහෝ රටවල් වෙත ගුවන් ගමන් නවතා දැමීමට රුසියානු බලධාරීන් කටයුතු කළේය.

Related posts

සුගතදාස ක්‍රීඩාංගණය වසා දමයි

Editor O

අමාත්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරයෙකුට හූ සංග්‍රහයක්

Mohamed Dilsad

වැලිගම සභාවේ, සජබ පුරප්පාඩුවට සමීර ධනුෂ්ක මහතාගේ නම ගැසට් කරයි

Editor O

Leave a Comment