ව්‍යාපාරික

දේශීය ව්‍යවසායකයන්ට ’’මේඩ් ඉන් ශ්‍රී ලංකා’’ලාංඡනය

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ ජාතික නිෂ්පාදන ක්‍රියාවලිය තුළ දේශීය නිෂ්පාදකයා සවිබල ගැන්වීමේ අරමුණින් කර්මාන්ත අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මගින් තෝරාගත් දේශීය ව්‍යවසායකයන් වෙත “මේඩ් ඉන් ශ්‍රී ලංකා”(Made in Sri Lanka) ලාංඡනය ලබා දීම කොළඹ දී සිදු කෙරිණි.   

නිෂ්පාදනයේ දේශීයත්වය නිරූපණය කිරීම සඳහා මෙම නිෂ්පාදන කාණ්ඩ තුනක් යටතේ වර්ගීකරණය කරන අතර ඉන් 100% ප්‍රමාණයක්, ශ්‍රමය, තාක්ෂණය, අමුද්‍රව්‍ය සහ මානව සම්පත් දේශීයව භාවිතා කරන්නේ නම් එය 100% ක් දේශීය නිෂ්පාදනයක් ලෙස සලකා මම නිෂ්පාදන සඳහා මේඩ් ඉන් ශ්‍රී ලංකා ලාංඡනය පිරිනැමීම මෙහිදී සිදු කෙරේ.

එසේ තෝරාගත් ව්‍යවසායකයින් පනස් දෙනෙකුට නොමිලේ මේඩ් ඉන් ශ්‍රී ලංකා ලාංඡනය පිරිනැමීම කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ මහතා ඇතුළු එම අධිකාරියේ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක් වූහ.

Related posts

ලුණු මෙට්‍ර්ක් ටොන් 30,000ක් ආනයනය කරයි

Editor O

මේ වසරේ ගතවූ මාස 11 තුළ, යතුරුපැදි 223,423 ක් ලියාපදිංචි කරලා

Editor O

රුපියල අවප්‍රමාණය වුයේ රජයේ ආර්ථික ප්‍රතිපත්තිවල දුර්වලතාවය නිසා නොවෙයි-අමාත්‍ය මහින්ද අමරවීර

Mohamed Dilsad

Leave a Comment