Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

මේ වසරේ ගතවූ මාස 11 තුළ, යතුරුපැදි 223,423 ක් ලියාපදිංචි කරලා

මේ වසරේ ගතවූ මාස 11 තුළ, යතුරුපැදි 223,423ක් ලියාපදිංචි කර ඇතැයි, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

ඉන් පසුව මෝටර් රථ 55,338ක් ද, ත්‍රීරෝද රථ 13,850ක්ද, මෙම කාණ්ඩ සියල්ලම ආවරණය වන පරිදි විද්‍යුත් වාහන 35,268ක්ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

මෙම වාහන ආනයනය කිරීමත් සමග මෙම වසරේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ලබා දී ඇති ආදායම් ඉලක්ක සපුරාගෙන ඇතැයිද පැවසූ ඒ මහතා සඳහන් කර සිටියේ දෙපාර්තමේන්තුවට මෙම වසරේ ඉලක්කය ලෙස රුපියල් බිලියන 16ක ඉලක්කයක් ලබා දුන් බවත් එම ඉලක්කය ඉක්මවා පසුගිය නොවැම්බර් 30 වන විට රුපියල් බිලියන 17.8ක  ප්‍රමාණයක් වාර්තා කිරීමටද දෙපාර්තමේන්තුව සමත් වූ බවය.

එළැඹෙන වර්ෂය සඳහා රුපියල් බිලියන 18ක ආදායම් ඉලක්කයක් මහ භාණ්ඩාගාරය විසින් දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇතැයිද එම ඉලක්කයද සපුරා ගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට හැකියාව ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.  

Related posts

ඉන්දුනීසියාවේ රැඳී සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

අලුත් කෝටිපතියන් රැසක් රටට එළිදරව් වෙලා – නාමල් රාජපක්ෂ

Editor O

සයිටම් විරෝධයට සහය වෙමින් වෘත්තීය සමිති 160 කට ආසන්න ප්‍රමාණයක් අනිද්දා දැවැන්ත වර්ජනයකට සුදානම්(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment