දේශීය

අද දවසේ කාළගුණය මෙන්න

(UTV | කොළඹ) – බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.     

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.

උතුරු සහ උතුරුමැද පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මි. 40 පමණ දක්වා වන තරමක් තදසුළං ඇතිවිය හැක.

ගිඟුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

 

Related posts

සියලු ඖෂධ අලෙවිසැල් අද සිට විවෘතව තැබීමට අවසර

Mohamed Dilsad

විදේශ ගතව සිටින මෙරට ශ්‍රමිකයින්ගේ සහයට උපරිම ක්‍රියාමාර්ග

Mohamed Dilsad

අග්‍රාමාත්‍යවරයාට නව අමාත්‍ය ධුරයක්

Mohamed Dilsad

Leave a Comment