Trending Newsඑසැන පුවත්දේශීය

සැකකටයුතු ඩ්‍රෝන යානා වෙඩිතබා බිම හෙළීමට පොලිසියට බලය

යුරෝපය පුරා ගුවන්තොටුපොළ මෙහෙයුම් කඩාකප්පල් කර ඇති සැකකටයුතු ඩ්‍රෝන යානා වෙඩිතබා බිමහෙළීම සඳහා පොලිසියට බලය ලබාදීමට ජර්මනිය සූදානම් වන බව වාර්තා වේ.

විදෙස් ජනමාධ්‍ය පැවසුවේ ඊයේ එරට කැබිනට් මණ්ඩලය විසින් මේ සඳහා එකඟත්වය පළකර ඇති බවයි. ඒ අනුව පාර්ලිමේන්තු අනුමැතිය හිමිවේයැයි පැවසෙන එම නව නීතිය, උග්‍ර තර්ජනයක් හෝ බරපතල හානියක් සිදු වූ විට වෙඩිතබා බිමහෙළීම ඇතුළුව ජර්මනියේ ගුවන් සීමාව උල්ලංඝනය කරන ඩ්‍රෝන යානා බිමහෙළීමට පොලිසියට පැහැදිලිවම අවසර දෙයි.

ඩ්‍රෝන යානා බිමහෙළීමට ඇති අනෙකුත් ශිල්පීය ක්‍රම අතරට ලේසර් භාවිත කිරීම හෝ පාලන සහ සංචාලන සම්බන්ධතා බිඳදැමීම සඳහා සංඥා අවහිර කිරීම ඇතුළත් වේ.

සැකකටයුතු ඩ්‍රෝන ක්‍රියාකාරකම් අපගේ ආරක්ෂාවට තර්ජනයක්,” යනුවෙන් ජර්මනියේ චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමාජ මාධ්‍ය වේදිකාවක් වන X හි සටහනක් තබමින් පවසා ඇත.

ඔහු පවසන්නේ, එවැනි ක්‍රියා සඳහා ජර්මනිය ඉඩ ලබානොදෙන බව සහ ඉදිරියේදී එවැනි ඩ්‍රෝන යානා හඳුනාගෙන ඒවාට ඉක්මණින් ප්‍රතිචාර දැක්විය හැකි වන පරිදි ෆෙඩරල් පොලිසියේ බලතල ශක්තිමත් කරමින් සිටින බවයි.

Related posts

Rs.10,000 allowance for flood affected

Mohamed Dilsad

පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් දිවයිනට

Mohamed Dilsad

Thirteen Indian fishermen held by Navy for poaching in Lankan waters

Mohamed Dilsad

Leave a Comment