ක්‍රීඩා

කොරෝනා අවධානම මැද ශ්‍රී ලංකාවට යන බංග්ලාදේශ ක්‍රීඩකයින්ට දුන් පණිවිඩය

(UTV |  බංග්ලාදේශය) – බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය මේ දිනවල සංවිධාන කර ඇති පළමුපෙල ක්‍රිකට් තරගාවලිය වන ජාතික ක්‍රිකට් ලීගයේ තෙවැනි වටයේ තරග සදහා සහභාගී නොවන ලෙසට ශ්‍රී ලංකා තරග සංචාරයට එක්වීමට නියමිත බංග්ලාදේශ ක්‍රීඩකයින්ට එරට ක්‍රිකට් ආයතනය දැනුම් දී ඇති බව වාර්තා වෙයි.  

ඒ, බංග්ලාදේශයේ ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන්.

කෙසේ වෙතත්, මීට පෙර බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අදාළ තරගාවලියට ක්‍රීඩා කිරීම එරට ටෙස්ට් ක්‍රීඩකයින්ට අනිවාර්ය කර තිබුණි.

නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලිය තරග 0-2ක් ලෙස බංග්ලාදේශය පරාජයට පත්වීමත් සමගයි එම අනිවාර්ය කිරීම සිදු කළේ.

 

Related posts

මහනුවර දැල්පන්දු පුහුණුකරුවන්ට හා විනිසුරුවරුන්ට පුහුණුවක්

Mohamed Dilsad

කුමාර් සංගක්කාර එංගලන්ත ටෙස්ට් තරඟාවලිය ගැන කියන දේ

Mohamed Dilsad

“ද හන්ඩ්‍රඩ්” විස්තර විචාරකයින් අතරට සංගක්කාරත්

Mohamed Dilsad

Leave a Comment