ක්‍රීඩා

මහනුවර දැල්පන්දු පුහුණුකරුවන්ට හා විනිසුරුවරුන්ට පුහුණුවක්

(UTV| මහනුවර) – ජාතික මට්ටමින් දැල්පන්දු ක්‍රීඩාව සංවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රීඩා අමාත්‍යංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විශේෂ වැඩසටහනක් යොදා තිබේ.

එම වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ නෙට්බෝල් පුහුණුකරුවන්ගේ සහ විනිසුරුවරුන්ගේ දැනුම යාවත්කාලීන කිරීමේ අරමුණින් දෙස් විදෙස් පුහුණුකරුවන් සහ උපදේශකවරුන් යටතේ පුහුණුවක් ලබාදීමට නියමිතව ඇත.

මෙම වැඩසටහන් මාලාවේ පළමු අදියරේ පුහුණු වැඩසටහන අප්‍රේල් 07දා පෙරවරු 9.30 සිට පස්වරු 3.30දක්වා මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත. පළමු අදියර සඳහා දැල්පන්දු පුහුණුකාරිණියන් විසි දෙනෙක් සහ විනිසුරුවරු විසි දෙනෙක් සහභාගිවීමට නියමිතය.

මීට අමතර ව කුසලතාවන්ගෙන් හෙබි දැල්පන්දු ක්‍රීඩිකාවන්ගෙන් යුත් දැල්පන්දු සංවර්ධන සංචිතයක් ආරම්භ කොට පවත්වාගෙන යාමට ද කටයුතු යොදා ඇති අතර ජාතික මට්ටමේ උපදේශකයින්ගේ සහභාගිත්වයෙන් එම කටයුතු සිදු කෙරෙනු ඇත.

පළාත් අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යංශය හා ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ ද සහයෝගයෙන් පවත්වන මෙම වැඩසටහන සංවිධානය කරනු ලබන්නේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව තහවුරුයි.රජය කියයි

Mohamed Dilsad

පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද රාජ්‍යතාන්ත්‍රික ක්‍රිකට් තරගය [PHOTOS]

Mohamed Dilsad

චන්දික හතුරුසිංහ යළිත් පුහුණුකරු ධූරයකට

Mohamed Dilsad

Leave a Comment