ක්‍රීඩා

වනිඳු හසරංගට කොවිඩ්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට කොරෝනා ආසාදනය වී තිබේ.

අද (15) පෙරවරුවේ කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී ඔහු ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇති අතර මේ වන විට ඔහු නිරෝධායනයට යොමු කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.

ඔස්ට්‍රේලියාවට එරෙහි විස්සයි විස්ස තුන් වන තරගය අද පැවත්වීමට නියමිත අතර වනිඳු හසරංග මෙම තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතව තිබිණි.

ඔහු ආසාදිතයෙකු ලෙස තහවුරු වීම ත් සමග ඒ වෙනුවට අද තරගය සඳහා ජෙෆ්රි වැන්ඩසේ ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරට ත් පැවසීය.

Related posts

සුපිරි ටෙනිස් ක්‍රීඩක රොජර් ෆෙඩර් පිටියට සමුදෙයි

Mohamed Dilsad

බංගලාදේශයට ලකුණු 457 ක ඉලක්කයක්

Mohamed Dilsad

IPL ඊයේ තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස්ට ලකුණු 10 කින් ජය

Mohamed Dilsad

Leave a Comment