දේශීය

පාකිස්තාන හමුදාව සමඟ පැවැති ‘Shake Hands -1’ යුද අභ්‍යාසය සාර්ථකව අවසන් වේ [VIDEO]

(UTV | කොළඹ) – පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මුහම්මද් සාද් ඛට්ටක් මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ අණදෙන නිලධාරී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් ‘ෂේක් හෑන්ඩ්ස් – 1’ යන පාකිස්තාන – ශ්‍රී ලංකා ඒකාබද්ධ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ සමාප්ති උත්සවයේ විශේෂ අමුත්තන් ලෙස සහභාගී වූහ.   

පාකිස්තාන හමුදා නිලධාරීන් සමඟ දින 15 ක කජාබා රෙජිමේන්තුව විසින් මෙහෙයවනු ලැබූ ‘ෂේක් හෑන්ඩ්ස් -1’ ඒකාබද්ධ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය පසුගිය අඟහරුවාදා (30) උදෑසන සාලියාපුර ගජබා රෙජිමේන්තු හමුදා කඳවුරේදී අවසන් විය.

මෙම අභ්‍යාසය පාකිස්තාන හමුදාවේ නිලධාරීන් 6 දෙනෙකු සහ තවත් නිලයන් 35 දෙනෙකුගෙන් සමන්විත වූ අතර ශ්‍රී ලංකා හමුදාවේ නිලධාරීන් 4 දෙනෙකු සහ තවත් නිලයන් 40 දෙනෙකුගෙන් සමන්විත විය.

“පාකිස්තානය සැමවිටම ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරෙකු වූ අතර සෑම විටම ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දී ඇත. විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවකට එරෙහිව ඡන්දය දීමෙන් පාකිස්තානය ශ්‍රී ලංකාවට සහාය දැක්වීම විශේෂත්වයකි”යයි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය අදහස් ප්‍රකාශ කළේය.

එම උත්සව අවසානයේදී, දෙරට අතර සම්බන්ධතාවය සනිටුහන් කිරීම සඳහා ස්මාරක හුවමාරුද කර ගන්නා ලදී.

 

 

Related posts

PCR හා රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණ සීමා කරලා

Mohamed Dilsad

පොල් ආනයනය කිරීමට ආණ්ඩුව තීරණය කරාවිද ?

Editor O

බන්ධනාගාරවල CCTV සවි කිරීමට තීරණයක්

Mohamed Dilsad

Leave a Comment