විදෙස්

සූවස් ඇලේ අර්බුදයෙන් නැව් 240 ක් මුහුද මැද සිරවෙයි

(UTV | ඊජිප්තුව) – ලොව වඩාත්ම කාර්ය බහුල නාවික වෙළද මාර්ගය වන ඊජිප්තුව ආශ්‍රීත සූවස් ඇලේ දැවැන්ත නෞකාවක් සිරවීමත් සමග හට ගත් අර්බුදය මේ වන විට තවත් උත්සන්න වී තිබේ.  

ඒ නෞකාව එම ස්ථානයෙන් ඉවත් කිරීමේ කටයුතු අතිශය දුෂ්කර වීම හේතුවෙන්.

සූවස් ඇල හරහා සිරවී ඇති මෙම දැවැන්ත නෞකාව නිවැරදි දිශානතියට ගැනීමට නම් නෞකාව සිරවී ඇති වැලි තට්ටු ඉවත් කළ යුතුයි ආසන්න වශයෙන් වැලි කියුබ් අඩි හත් ලක්ෂ 6,00 0ක් එහිදි ඉවත් කිරීමට සිදුවනු ඇති බව සූවස් ඇලේ බලධාරින් පවසයි. ඒ සඳහා නෞකාවේ ඇති බහලුම්වලින් කොටසක් ඉවත් කළ යුතුව ඇත.

නෞකාව සූවස් ඇල හරහා යාත්‍රා කරමින් තිබියදී ඉකුත්දා මෙම නෞකාව සිරවීමට ලක්වූයේ වැලි කුණාටුවක් හේතුවෙන් මතුවූ කාර්මික දෝෂයක් හේතුවෙන්.

නවතම විදෙස් මාධ්‍යයන්ට අනුව මේ වන විට සූවස් ඇල හරහා යත්‍රා කරමින් තිබූ නෞකා 237ක් මුහුදු මැද නැංගුරම් ලා ඇත.

ඉන් 107ක් රතු මුහුදේත්, 89ක් මධ්‍යධරනී මුහුදේත්, තවත් 41 සූවස් ඇල ආසන්නයේත් මැද නැංගුරම් ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

 

Related posts

ආමාශය තුල නිරීක්ෂණය කිරීමට පිම්බෙන බෙහෙත් පෙත්තක්.

Mohamed Dilsad

දශක 3 කට පසු ඕස්ට්‍රේලියාවේ දරුණු ආර්ථික අවපාතයක්

Mohamed Dilsad

චීන මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කරයි.

Editor O

Leave a Comment