දේශීය

පංචිකාවත්තේ හටගත් ගින්නකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

(UTV | කොළඹ) – කොළඹ, පංචිකාවත්ත, සංඝරාජ මාවතේ ආහාර අලෙවි සැලක අද (24) අලුයම හටගත් ගින්නකින් ආපනශාලාවේ සේවය කළ සේවකයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.   

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 45 ක පමණ අයෙක් වන බව ද පොලිසිය පවසයි.

එම ආපනශාලාවේ ගෑස් සිලින්ඩරයක් පිපිරීයාමෙන් ගින්න හටගෙන ඇති බව පොලිසිය සැක පළ කරයි.

අද අලුයම හටගෙන තිබූ ගින්න මේ වනවිට සම්පූර්ණයෙන් නිවා දමා තිබෙන අතර , ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනිනිවීම් රථ 05 ක් යොදාගෙන තිබේ.

Related posts

සුවවූ පිරිස තවත් ඉහලට

Mohamed Dilsad

ස්වාධීන කොමිෂන් සභා සාමාජිකයින් පත්කිරීම කල්යයි

Mohamed Dilsad

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පුත්තලම දිස්ත්‍රික් සමුළුවට මහ සෙනගක්

Editor O

Leave a Comment