දේශීය

පංචිකාවත්තේ හටගත් ගින්නකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

(UTV | කොළඹ) – කොළඹ, පංචිකාවත්ත, සංඝරාජ මාවතේ ආහාර අලෙවි සැලක අද (24) අලුයම හටගත් ගින්නකින් ආපනශාලාවේ සේවය කළ සේවකයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.   

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 45 ක පමණ අයෙක් වන බව ද පොලිසිය පවසයි.

එම ආපනශාලාවේ ගෑස් සිලින්ඩරයක් පිපිරීයාමෙන් ගින්න හටගෙන ඇති බව පොලිසිය සැක පළ කරයි.

අද අලුයම හටගෙන තිබූ ගින්න මේ වනවිට සම්පූර්ණයෙන් නිවා දමා තිබෙන අතර , ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනිනිවීම් රථ 05 ක් යොදාගෙන තිබේ.

Related posts

බස්නාහිර පොලිස් මෙහෙයුමකින් පිරිසක් දැලේ

Mohamed Dilsad

රජය මැදිහත්ව අනුරාධපුර වට්ටක්කා මිළදී ගැනීමට පියවර

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කරන්නන්ට එරෙහිව නීතිය

Mohamed Dilsad

Leave a Comment