ක්‍රීඩා

ලක්මාල්ගෙන් විශිෂ්ඨ පන්දු යැවීමක් – කොදෙව්වන් ලකුණු 99ක් ඉදිරියෙන්

(UTV | කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය මෙරට වේලාවෙන් අද (23) අලුයම නිමා විය.

ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කඩුලු 8 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 268 ක්.

සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ රහ්කීම් කෝන්වෝල් නොදැවී ලකුණු 60 ක් ලබා සිටින්නේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් සමගින්.

ජොෂුවා ද සිල්වා ලකුණු 46 ක්, Kyle Mayers ලකුණු 45 ක් සහ ජෝන් කැම්ප්බෙල් ලකුණු 42 ක් රැස් කළේය.

කොදෙව් කණ්ඩායමේ 7 වන කඩුල්ල ලකුණු 171 ක්ව තිබියදී බිද වැටුණු නමුත්, අනතුරුව 8 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 90 ක සබදතාවයක් ගොඩ නැගීමට කෝන්වෝල් සහ ජොෂුවා ද සිල්වා සමත් විය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් ලබා ගත හැකි වූයේ ලකුණු 169ක් පමණයි.

පන්දු යැවීමේ දී ජේසන් හෝල්ඩර් ලකුණු 27කට කඩුලු 5ක් බිද හෙලූ අතර, කෙමා රෝච් කඩුලු 3ක් බිද හෙලීය.

ඒ අනුව කොදෙව්වන් මේ වන විට පළමු ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 99ක්.

 

Related posts

දසුන් ශානකට තනතුරක්…!

Editor O

ලෝක කුසලානයේදී සිංහයින් පිටියට එන්නේ මෙහෙමයි

Mohamed Dilsad

ප්‍රවීන් අභිබවා ගිය Mushfiqur Rahim ICC මාසයේ ක්‍රීඩකයා වෙයි

Mohamed Dilsad

Leave a Comment