ක්‍රීඩා

ලෙජන්ඩ්ස් සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අතර T20 තරගයක්

(UTV| කොළඹ) – ජාතික 20-20 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර ක්‍රිකට් තරගයක් ලබන අප්‍රේල් මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය මණ්ඩලයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.    

මෙය එළඹෙන බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලියට පෙර පැවැත්වීමට සූදානම් කර ඇති අතර, ප්‍රේක්ෂකයන් ආසන ප්‍රමාණයෙන් 50% කට අවස්ථාව ලබා දීමට ද සැලසුම් කර ඇත.

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී මෙම තරඟය පැවැත්වීමට නියමිත අතර එයින් ලැබෙන ආදායම කොවිඩ් -19 සඳහා අරමුදල් රැස් කිරීමේ තරගයක් ලෙස පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ යෝජනාව වී ඇත්තේ.

ජාතික කණ්ඩායම දසුන් ශානක මෙහෙයවීමට නියමිතව ඇති අතර ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ටී එම් ඩිල්ෂාන් මෙහෙයවීමට නියමිත බව ද වාර්තා වෙයි.

මෙම තරඟය ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් කොදෙව් සංචාරය නිමවා මෙරටට පැමිණීමෙන් අනතුරුව සහ එළඹෙන සිංහල අලුත් අවුරුද්දට ප්‍රථමයෙන් මෙම තරඟාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබේ.

Related posts

දඟ පන්දු යවන්නන්ගෙන් ශ්‍රී ලංකාව පාලනය කරන බව සිම්බාබ්වේ කියයි

Mohamed Dilsad

බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට තේරීපත් වෙයි

Mohamed Dilsad

කොදෙව්වට කඩුලු 07 ක ජයක්

Mohamed Dilsad

Leave a Comment