ක්‍රීඩා

ලෙජන්ඩ්ස් සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අතර T20 තරගයක්

(UTV| කොළඹ) – ජාතික 20-20 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර ක්‍රිකට් තරගයක් ලබන අප්‍රේල් මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය මණ්ඩලයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.    

මෙය එළඹෙන බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලියට පෙර පැවැත්වීමට සූදානම් කර ඇති අතර, ප්‍රේක්ෂකයන් ආසන ප්‍රමාණයෙන් 50% කට අවස්ථාව ලබා දීමට ද සැලසුම් කර ඇත.

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී මෙම තරඟය පැවැත්වීමට නියමිත අතර එයින් ලැබෙන ආදායම කොවිඩ් -19 සඳහා අරමුදල් රැස් කිරීමේ තරගයක් ලෙස පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ යෝජනාව වී ඇත්තේ.

ජාතික කණ්ඩායම දසුන් ශානක මෙහෙයවීමට නියමිතව ඇති අතර ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ටී එම් ඩිල්ෂාන් මෙහෙයවීමට නියමිත බව ද වාර්තා වෙයි.

මෙම තරඟය ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් කොදෙව් සංචාරය නිමවා මෙරටට පැමිණීමෙන් අනතුරුව සහ එළඹෙන සිංහල අලුත් අවුරුද්දට ප්‍රථමයෙන් මෙම තරඟාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබේ.

Related posts

ශ්‍රී ලංකා – නෙදර්ලන්ත තීරණාත්මක තරගය අද

Mohamed Dilsad

LPL තරඟ කාල සටහන ප්‍රකාශයට පත්කෙරේ

Mohamed Dilsad

බ්‍රිගේඩියර් මහේෂ් වොලිබෝල් දෙවැනි පුටුවට

Mohamed Dilsad

Leave a Comment