ව්‍යාපාරික

මිරිස් වගා කිරීමට ගොවීන්ට අඩු පොලී ණය

(UTV | අනුරාධපුරය) – දේශීය අවශ්‍යතාව වසර තුනක් තුළ සම්පූර්ණ කිරීම අරමුණු කරගත් මිරිස් වගා කිරීමේ ව්‍යාපෘතියක් උතුරුමැද පළාතේ ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.   

මෙහිදී ගොවීන්ට අඩු පොලී යටතේ ණය ලබාදීමට ද පියවර ගෙන ඇත.

කාබනික පොහොර යොදා ගනිමින්, ආරක්ෂිත දැල් යොදා මිරිස් වගාව සකස් කිරීමට අවශ්‍ය තාක්ෂණය ලබාදෙමින් වැඩි අස්වැන්නක් ලබා ගැනීම ව්‍යාපෘතියේ අරමුණයි.

මෙරට වාර්ෂික වියලි මිරිස් අවශ්‍යතාව මෙටි්‍රක් ටොන් 50,000 ක්. ව්‍යාපෘතිය මගින් අනුරාධපුරය ඇතුලු දිස්ත්‍රික්ක අටක ඉඩම් හෙක්ටයාර 8,000 ක මිරිස් වගා කිරීමට අපේක්ෂා කෙරේ.

 

 

Related posts

බොරතෙල් මිල පහළට

Mohamed Dilsad

විදෙස්ගත මෙරට ශ්‍රමිකයන්ගේ වැටුප ඉහළට

Mohamed Dilsad

රථ වාහන ලීසිං පහසුකම් පිළිබඳ මහ බැංකුව ගත් තීරණය

Editor O

Leave a Comment