දේශීය

ග්‍රාම නිලධාරි පුරප්පාඩු 2000 ක්

(UTV | කොළඹ) – දිවයිනේ ග්‍රාම නිලධාරි පුරප්පාඩු 2000 ක් පමණ පවතින බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් එම්.එච්.එම්. චිත්‍රානන්ද මහතා සඳහන් කළේ, ඒ සඳහා සුදුස්සන් බඳවා ගැනීමට නැවත විභාගයක් පැවැත්වෙන බවයි.

පෙර පැවති ග්‍රාම නිලධාරී විභාගයේ ප්‍රතිඵල මත නැවත බඳවා ගැනීම් සිදු නොකරන ලෙසට රාජ්‍ය සේවා කොමිසම දැනුම් දී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

ලේකම්වරයා පැවසුවේ, ඒ අනුව කඩිනමින් විභාගය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවයි.

Related posts

ලොව හොඳම විද්‍යාඥයන් අතර සිටින, ආචාර්ය චන්න ජයසුමනට විශ්වවිද්‍යාලයෙන් කැපිල්ලක්..?

Editor O

මැයි මස 5000 දීමනාව ගෙවීම අද සිට

Mohamed Dilsad

ඉන්ධන නිකුත්කිරීමේ සීමාවන් සංශෝධනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment