දේශීය

අනිද්දා කොළඹට ජල කප්පාදුවක්

(UTV| කොළඹ) – අනිද්දා (21) පෙරවරු 9 සිට එදින මධ්‍යම රාත්‍රියතෙක් පැය 15 ක කාළයක් කොළඹ නගරයේ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙයි.   

මේ අනුව කොළඹ 1 – කොළඹ 03 – කොළඹ 09 කොලඹ 14 සහ කඩුවෙල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවෙන අතර කොලඹ 02 – කොලඹ 07 – කොළඹ 08 සහ කොළඹ 10 ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

අඹතලේ ජල පොම්පාගාරයේ සිට කොළඹ දක්වා ජලය සැපයෙන ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයේ හදිසි ජල කාන්දු අලුත්වැඩියාවක් මීට හේතුවයි.

 

Related posts

මිල්ටන් සුළි කුණාටුවෙන් ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රදේශයට දැඩි හානි.

Editor O

ෆයිසර් එන්නත් මාත්‍රා තවත් තොගයක් දිවයිනට

Mohamed Dilsad

එක් ඡන්ද දායකයෙක් වෙනුවෙන් අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල ගැන දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment