ව්‍යාපාරික

එළවළු නරක්වීම හා පලතුරු ඉදීම ප්‍රමාද කරන්න නැනෝ විසඳුමක්

(UTV | කොළඹ) – මෙරටින් අපනයනය කරන හා මෙරට අලෙවි කෙරෙන එළවළු නරක්වීමත් පලතුරු ඉදීම ප්‍රමාද කිරීමත් සඳහා වන නව රසායන නිෂ්පාදනයක් වෙළෙඳපොළට හඳුන්වාදීමට නියමිත බව ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ වාණිජකරණ අංශ ප්‍රධානී රංගික ද සිල්වා පැවැසීය.

අවිධිමත් ප්‍රවාහනය හා ගබඩාකරණය හේතුවෙන් අපතේ යන එළවළු හා පලතුරු ප්‍රමාණය මෙයින් අඩු කරගත හැකි බවද ඔහු පෙන්වා දෙයි.

මෙම ක්‍රමවේදයේදී හඳුන්වාදෙන රසායන පැකට්ටුව මගින් පලතුරු, එළවළු ඉදීමට හේතුවන ඒවායේ ස්වභාවිකව නිපදවෙන එතලීන් උරාගෙන ඉදීමේ කාලය දින හතරකින් පමණ ප්‍රමාද කිරීමේ හැකියාව පවතී.

මෙම සැෂේ පැකට්ටුව පළමුව මෙරට සුපිරි වෙළෙඳසල් සඳහා හඳුන්වාදී මාස දෙකක් තුළදී ජාත්‍යන්තර වෙළෙඳපොළ සඳහා නැව්ගත කරනා එළවළු, පලතුරු සඳහාද නිකුත් කිරීමට නියමිතය.

 

 

Related posts

වෙන්ටිලේටර් යන්ත්‍ර නිෂ්පාදනය සඳහා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සහය

Mohamed Dilsad

තරු පංතියේ ආහාර වේලට අලුතින්ම එකතු වූ ආහාර වර්ගය මෙන්න. : සාමාන්‍ය හෝටලවල ආහාර මිල සියයට 30% කින් ඉහළට.

Editor O

කිතුල් ක්ෂේත්‍රයට අදාළ නිෂ්පාදනකරුවන්ට භාණ්ඩ ලබාදීම ඇරඹෙයි

Mohamed Dilsad

Leave a Comment