ව්‍යාපාරික

කිතුල් ක්ෂේත්‍රයට අදාළ නිෂ්පාදනකරුවන්ට භාණ්ඩ ලබාදීම ඇරඹෙයි

(UTV | නුවරඑළිය) – සෞභාග්‍යයේ දැක්ම යතාර්ථයක් බවට පත්කරමින් නිෂ්පාදන ප්‍රවර්ධන හා අපනයන විවිධාංගීකරණ වැඩසටහන යටතේ කිතුල් ක්ෂේත්‍රයට අදාළ නිෂ්පාදනකරුවන් වෙත අවශ්‍ය භාණ්ඩ බෙදාදීමේ පළමු අදියර වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකෙරිණි.

වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී. බී රත්නායක මහතාගේ ආරාධනයෙන් පොල් කිතුල් තල් හා රබර් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් කිතුල් නිෂ්පාදනකරුවන් 120 දෙනෙකුට මෙම භාණ්ඩ ලබාදීම සිදුවූ අතර, පැණි නිපදවීම සදහා ලීටර් 15 ප්‍රමාණයේ තාච්චියක්, වැහි කබායක්, හිස්වැස්මක්, ලීටර් 08 ප්‍රමාණයේ බාල්දියක්, පිහියක් ඇතුළු උපකරණ මේ අතර විය.

මෙම අවස්ථාවට වලපනේ ප්‍රාදේශීය සභාවේ සභාපති අජන්ත හිත්තැටිය හා පොල් කිතුල් හා රබර් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් තිස්ස හේවාවිතාන මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

Related posts

මහබැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩුකරයි

Mohamed Dilsad

රුමේනියා රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවට

Editor O

COVID-19 මර්ධනයට නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙන් ඇඳුම් කට්ටල 4500ක්

Mohamed Dilsad

Leave a Comment