දේශීය

අක්කරෙයිපත්තුවෙන් ඇල්ලූ රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු

(UTV | යාපනය) – අක්කරෙයිපත්තු, ඔලුවිල් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ මුදල් මුද්‍රණය කළ ස්ථානයක් වටලා එහි සිටි සැකකරුවන් දෙදෙනක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.   

යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අදාල වැටලීම සිදුකර ඇති අතර, එහිදී මුද්‍රණය කර තිබූ රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 124 ක් සහ අර්ධ වශයෙන් මුද්‍රණය කර තිබූ රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 20ක් සොයා ගැනීමට හැකිව තිබේ.

මීට අමතරව මෙම මුදල් නෝට්ටු මුද්‍රණයට යොදාගත් උපකරණ රැසක් සහ මෝටර් රථයක්ද පොලිස් භාරයට ගැනුණු බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

 

 

 

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ දෙකක්

Mohamed Dilsad

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාරදෙයි

Mohamed Dilsad

Leave a Comment