කලා

බොලිවුඩයේ කිං ඛාන් ‘ටයිගර්’ මීළඟ චිත්‍රපටයට

(UTV | ඉන්දියාව) – සල්මාන් ඛාන් සුපිරි තරුවක් බවට පත් කළ ‘ටයිගර්’ චිත්‍රපට මාලාවේ තුන්වැන්නේහි වැඩ කටයුතු තවත් නොබෝ දිනකින් ආරම්භ කිරීමට නියමිතව ඇත.   

මෙම චිත්‍රපටයට සම්බන්ධ වෙන නළුනිළියන් මේ වනවිටත් ප්‍රකාශයට පත් කර ඇති අතර, බොලිවුඩයේ ‘කිං ඛාන්’ හෙවත් ෂාරුක් ඛාන්ද එම නළුනිළියන් අතරේ සිටිම විශේෂත්වයකි.

ෂාරුක් ඛාන් මෙහි පෙනී සිටිනේ ‘පතන්’ ලෙසිනි.

එයට හේතුව වී ඇත්තේ ෂාරුක් මේ වසරේ රංගනයෙන් දායක වන ‘පතන්’ චිත්‍රපටයේ සිය චරිතය ‘ටයිගර්’ චිත්‍රපටයට ඇතුළත් කර තිබිම හේතුවෙනි.

එමෙන්ම සල්මාන්ද ‘පතන්’ චිත්‍රපටයේ ‘ටයිගර්’ හෙවත් රහස් පරික්ෂක ‘අවිනාශ් සිං රතෝර්’ ලෙස ආරාධිත චරිතයකින් දකින්නට ලැබේ.

 

 

Related posts

ශ්‍රී ලාංකීක සංස්කෘතිය විදහා දක්වන කෞතුකාගාරයක් නිව්යෝර්ක්හි ඇරඹු ජූලියා විජේසිංහ(වීඩියෝව)

Mohamed Dilsad

‘මිෂන් ඉම්පොසිබල්’ චිත්‍රපට මාලාව ඉදිරියටත්…

Mohamed Dilsad

දෛවය වෙනස් කර ගත් විදීයේ ගායිකාව (VIDEO)

Mohamed Dilsad

Leave a Comment