කලා

ශ්‍රී ලාංකීක සංස්කෘතිය විදහා දක්වන කෞතුකාගාරයක් නිව්යෝර්ක්හි ඇරඹු ජූලියා විජේසිංහ(වීඩියෝව)

(උදයම්,එක්සත් ජනපදය)   –  ශ්‍රී  ලාංකීය නාමය ජාත්‍යන්තරයට ගෙන යාමට උත්සහ දරණ තවත් ශ්‍රීලාංකික දැරියක් පිලිබඳ තොරතුරු එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවරින් වාර්තාවේ.

උපන් දා සිටම  එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර ජීවත් වු ජූලියා විජේසිංහ තරුණිය ශ්‍රී ලාංකීක සංස්කෘතියට දැඩි ඇල්මක් දක්වන බවද වාර්තාවේ.

මේ නිසාම ලාංකීය සංස්කෘතික සහ කලාත්මක අනන්‍යතාවයන් පිළිබඳ තොරතුරු ඇතුලත් කෞතුකාගාරයක් ඇරඹීමට ඇය කටයුතු කර තිබේ.

සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිබඳ ජායාරූප, පොත්පත්, ප්‍රතිමා රැසක් මෙම කෞතුකාගාරයේදී දැක බලා ගැනීමට හැක.

කෞතුකාගාරය ආරම්භ කිරීමට ජූලියා වසර ගණනක් තිස්සේ කෞතුකාරයට අවශ්‍ය දෑ එකතු කර තිබේ.මේ සඳහා තම දෙමව්පියන්ගෙන් ලද සහය ඇය අගය කරයි.

ජූලියා විජේසිංහගේ පියා නිව්යෝර්ක් නගරයේ පළමු ශ්‍රී ලාංකීක අවන්හලේ හිමිකරු වන අතර වසර 30 පමන කාලයක සිට ඔහු ඇමරිකාවේ පදිංචිකරුවෙක් වේ.

ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ සර්වාගමික පූජකතුමන්ලාගේ ආශිර්වාදය මැද කෞතුකාරය පසුගියදා විවෘත කට ඇත.

Related posts

මාධ්‍යවේදියෙකුගේ භූමිකාවෙන් ශාරුක් යළිත් සිනමාවට

Mohamed Dilsad

‘කොමික්-කෝන් විශේෂ සංස්කරණය’ නොවැම්බර් මසදී

Mohamed Dilsad

රාණිගේ ‘මර්දානි’දෙවැන්න ළඟදීම

Mohamed Dilsad

Leave a Comment