විදෙස්

නයිජීරියාවේ පාසල් ළමයින් පැහැර ගැනීමේ සැලසුමක් ව්‍යර්ථ වෙයි

(UTV | නයිජීරියාව) – වයඹදිග නයිජීරියාවේ පාසල් ළමයින් සිය ගණනක් පැහැර ගැනීමේ සැලසුමක් ආරක්ෂක අංශ විසින් ව්‍යර්ථ කර ඇති බව විදෙස් වාර්තා එරට මාධ්‍ය උපුටා දක්වමින් සඳහන් කරයි. 

දශකයකට වැඩි කාලයක් ඉස්ලාමීය අන්තවාදයේ ම්ලේච්ඡ ත්‍රස්තවාදයට එරෙහිව සටන් වදින ජනාධිපති මුහම්මදු බුහාරිගේ ආරක්ෂක හමුදාවන් මුහුණදෙන තවත් දරුණු ඛේදවාචකයක් වී ඇත්තේ මෙම පාසල් දරුවන් පැහැර ගැනීමේ සිද්ධීන්ය. ආසන්නම සිදුවීම ලෙස පසුගිය බ්‍රහස්පතින්දා දරුවන් 39 දෙනෙකු පැහැරගෙන යෑම සිදුවිය.

සෙනසුරාදා රාත්‍රියේ සහ ඉරිදා අලුයම අතර, මෙම සැකකරුවන් ඉකරා රජයේ ද්විතීයික පාසලට පහර දෙමින් සිසුන් පැහැර ගැනීමේ උත්සාහයක් නිරත විය.

ඉන් පසුව සිසුන් විසින් ආරක්ෂක අනතුරු ඇඟවීමේ පද්ධතිය ක්‍රියාත්මක කරන ලද අතර, ඒ සමග ප්‍රදේශයේ ආරක්ෂක අංශ දැනුවත් කිරීමට හැකි විය.

ඒ අනුව හමුදා සොල්දාදුවන්, පොලිස් භටයන් සහ සුපරීක්ෂකයින්ගෙන් සමන්විත ඒකාබද්ධ ආරක්ෂක බලකායක් පාසලට යොදවා මෙම සැකකරුවන් පළවා හැරීමට සමත්ව තිබේ.

එහිදී මෙම සන්නද්ධ පිරිස සමග ඇති වූ දරුණු සටනකින් පසු කාර්ය මණ්ඩලය 8 දෙනෙකු ඇතුළු සිසුන් 180 දෙනෙකු බේරා ගැනීමට හමුදාව සමත් විය.

 

Related posts

ඇමෙරිකා ජනාධිපතිගෙන්, හමාස් සංවිධානයට අවසන් දැනුම්දීමක්

Editor O

දකුණු කොරියාවට අලුත් ජනපතිවරයෙක්

Mohamed Dilsad

ඉම්රාන් ඛාන්ට ඉන්දියාවෙන් ආරාධනයක්

Mohamed Dilsad

Leave a Comment