දේශීය

සෙසු දිස්ත්‍රික්කවල එන්නත්කරණය සිදුවන්නේ කොළඹ සහ ගම්පහ අවසන් වූ පසුයි

(UTV | කොළඹ) – කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් බැහැර ප්‍රදේශවල ජනතාවට කොරෝනා මර්දන එන්නත් ලබාදීම සිදුවන්නේ එම දිස්ත්‍රික්ක දෙකෙහි එන්නත්කරණ වැඩපිළිවෙල සම්පූර්ණයෙන් අවසන්වූවාට පසුව බව කොරෝනා මර්දන රාජ්‍ය අමාත්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මේ බව කියා සිටියේ , ඒ අනුව සෙසු දිස්ත්‍රික්කවල ජනතාවට එන්නත ලබාදීම පිළිබඳව මේ දක්වා කිසිඳු තීරණයක් ගෙන නොමැති බවයි.

තවමත් දෛනිකව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලන් වාර්තාවීම හමුවේ තවදුරටත් එම දිස්ත්‍රික්ක දෙක සඳහා එන්නත්කරණ ක්‍රියාවලියේ ප්‍රමුඛත්වය දෙන බවද සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය.

මේ අතර ශ්‍රී ලංකාවෙන් ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් 304 දෙනා අතුරින් වැඩිම පිරිස සටහන් වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එම පිරිස 58 ක්.‌

 

Related posts

මාලිමාවට බලය හිමි, තංගල්ල නගර සභාවේ අයවැය දෙවන වරටත් පරාදයි

Editor O

ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

අත්‍යවශ්‍ය සේවා සඳහා යන පුද්ගලයින්ට රාජකාරි හැඳුනුම්පතට අමතරව ආයතනයේ ලිපිය අවශ්‍යයි

Mohamed Dilsad

Leave a Comment