දේශීය

හිස කඳින් වෙන් කළ කාන්තා මළ සිරුරේ DNA සාම්පල එළියට

(UTV | කොළඹ) – වේල්ල වීදියෙන් හමුවූ හිස නැති කාන්තා මළ සිරුර කුරුවිට, තෙප්පනාව පදිංචි තිස් හැවිරිදි තරුණියගේ බව DNA පරීක්ෂණ මගින් තහවුරු වී ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඒ අනුව අදාල සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

කෙසේවෙතත් අදාළ තරුණියගේ හිස මේ දක්වා හමුවී නොමැති බවද ඔහු සඳහන් කළේය.

මළ සිරුරේ හිස කොටස සොයා කැලණි ගඟ දෙපස , කැලණි මෝයකට පිහිටි මෝදර ප්‍රදේශයේ සිට හංවැල්ල දක්වා ප්‍රදේශය මෙන්ම සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවස ඇතුළු අවට ප්‍රදේශ සෝදියට ලක් කළ ද මේ දක්වා එම හිස කොටස සොයා ගැනීමට නොහැකි විය.

 

Related posts

ඛණිජ තෙල් පිරිපහදුව විකුණන්න දෙන්නේ නෑ

Mohamed Dilsad

UPDATE – කටානට බැස්වූ යානයේ ගමන් කල 04 ම මීගමුව රෝහලට

Mohamed Dilsad

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

Mohamed Dilsad

Leave a Comment