දේශීය

සාපෙළ අපේක්ෂකයින්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

(UTV | කොළඹ) – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (10) දිනයෙන් අවසන් වීමට නියමිතය.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව අපේක්ෂකයින්ට විශේෂ දැනුම් දීමක් සිදුකරමින් පවසන්නේ විභාගය අවසන් වීමෙන් පසු කලහාකාරී ලෙස හැසිරීම් වලින් වැළකී සිටින ලෙසයි.

එලෙස කලහාකාරී ලෙස හැසිරුණහොත් විභාග පනත යටතේ දැඩි දඬුවම් පනවන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර මේ මස 15 වනදා සිට බස්නාහිර පළාතේ පාසල් අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව 5 ශ්‍රේණිය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති පළමු අදියර යටතේ විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

 

Related posts

කොළඹ මාර්ග තදබදය අවම කිරීමට ඩ්‍රෝන තාක්ෂණය

Mohamed Dilsad

සියලුම ඉන්ධන පිරවුම්හල්වට ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් නිකුත් කෙරේ

Mohamed Dilsad

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

Leave a Comment