දේශීය

සාපෙළ අපේක්ෂකයින්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

(UTV | කොළඹ) – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (10) දිනයෙන් අවසන් වීමට නියමිතය.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව අපේක්ෂකයින්ට විශේෂ දැනුම් දීමක් සිදුකරමින් පවසන්නේ විභාගය අවසන් වීමෙන් පසු කලහාකාරී ලෙස හැසිරීම් වලින් වැළකී සිටින ලෙසයි.

එලෙස කලහාකාරී ලෙස හැසිරුණහොත් විභාග පනත යටතේ දැඩි දඬුවම් පනවන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර මේ මස 15 වනදා සිට බස්නාහිර පළාතේ පාසල් අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව 5 ශ්‍රේණිය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති පළමු අදියර යටතේ විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

 

Related posts

අධිකාරී සහ පරීක්ෂක ශ්‍රේණියේ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු

Editor O

අස්ගිරි මහානාහිමිගෙන් ඉම්රාන් ඛාන්ට ලිපියක්

Mohamed Dilsad

පාකිස්තාන බිත්තර ගැන මෙරට නිලධාරිනිය කී දෙයට එරටින් විරෝධය

Mohamed Dilsad

Leave a Comment