Trending Newsඑසැන පුවත්දේශීය

අධිකාරී සහ පරීක්ෂක ශ්‍රේණියේ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු

රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සම්බන්ධව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන් රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් සහ පත්කිරීම් සිදුකර ඇත.

ඒ අනුව අල්ලස් කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මොහාන් ලාල් සිරිවර්ධන මහතා පත්කර තිබේ. ඔහු කලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙස ද කටයුතු කර ඇත.

ඊට අදාළව සිදුකර ඇති ස්ථානමාරු වීම් සහ පත්කිරීම් පහතින් දැක්වේ.

(01) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එස්. මොහාන්ලාල් මහතා – අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවේ සිට එම කොමිසම් සභාවේ අධ්‍යක්ෂ (විමර්ශන) ලෙස

02) පොලිස් අධිකාරි ඒ.එස්.කේ බණ්ඩාර මහතා – අම්පාර කොට්ඨාසයේ සිට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත

03) සහකාර පොලිස් අධිකාරි ඩබ්.ටී.අනුරංග මහතා – ගල්කිස්ස කොට්ඨාසයේ සිට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත

04) සහකාර පොලිස් අධිකාරි බී.එල්.ඒ ප්‍රසන්න මහතා – ඇල්පිටිය කොට්ඨාසයේ සිට නුගේගොඩ කොට්ඨාසය වෙත

05) සහකාර පොලිස් අධිකාරි එම්.ඩී.පී දීප්ති කුමාර මහතා – නුගේගොඩ කොට්ඨාසයේ සිට ඇල්පිටිය කොට්ඨාසය වෙත

මේ අතර, ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන් පොලිස් ස්ථානාධිපතිවරුන් ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් වහාම ක්‍රියාත්මක වන පරිදි සිදුකර ඇත.

ඒ අනුව, 
1) ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.ඩී.ඩී.සී ජයකොඩි – බලංගොඩ පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා බදුල්ල කොට්ඨාසය වෙත.

2) ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්.ඩී.කේ.සී නවරත්න – කොළඹ මධ්‍යම කොට්ඨාසයේ සිට බලංගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස රාජකාරි ඉටුකිරීම සඳහා

3)  ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.පී.සී.යූ.රාජපක්ෂ – මානව සම්පත් කළමණාකරන කොට්ඨාසයේ සිට උඩවලව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා.

4) ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.පී.එල් ප්‍රනාන්දු – ගම්පොල මූලස්ථාන පොලිස් පරික්ෂක තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා මඩකලපුව කොට්ඨාසය වෙත

5) ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එම්.ඩී.එන්.ඩී කාන්ගර – ඩෙල්ෆ් පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට ගම්පොල මූලස්ථාන පොලිස් පරික්ෂක ලෙස

6) ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඩබ්.සී.එන් අබේනාරායන – අංකුඹුර පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට ඩෙල්ෆ් පොලිස් ස්ථානාධිපති ලෙස

7) ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.එස්.කේ.රත්නායක – මාතලේ කොට්ඨාසයේ සිට අංකුඹුර පොලිස් ස්ථානාධිපති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා

8) ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.ජී.එස්  විජේසිංහ – නවකුරුදුවත්ත පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා ගම්පහ කොට්ඨාසය වෙත

9) පොලිස් පරීක්ෂක එම්.එච්.එන් තාරක – බෙම්මුල්ල පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට පූවරසන්කුලම් පොලිස් ස්ථානාධිපති ලෙස රාජකාරි ඉටු කිරීම සඳහා

10) පොලිස් පරීක්ෂක එස්.එම්.එන්.එන් සිරිපති – මීගමුව කොට්ඨාසයේ සිට බෙම්මුල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා

Related posts

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට ජලය ත් නැති වෙයි

Mohamed Dilsad

கோலியின் திருமண விருந்துபசாரத்தில் இலங்கை இரசிகர்

Mohamed Dilsad

“Serve public irrespective of party differences” – President

Mohamed Dilsad

Leave a Comment