ගොසිප්

දෙවන ලෝක යුධ සමයේ බජිරි පවා ආහාරයට ගත්තා

(UTV | කොළඹ) – දෙවන ලෝක යුධ සමයේ බජිරි පවා ආහාරයට ගත් බවත් අද තත්ත්වය ඊටත් වඩා අමාරු බවත් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ වෙළඳපොලේ ධාන්‍ය වර්ග වල මිල ඉහළ යාම සම්බන්ධයෙන් අදහස් පළ කරමින්.

ධාන්‍ය වර්ග ආනයනය සීමා කර ඇත්තේ දේශීය ගොවියා නගා සිටුවීමේ අරමුණින් බවද අමාත්‍යවරයා කියා සිටියේය.

එනිසා ජනතාව දේශීය ගොවියාගේ අස්වැන්න ලැබෙන තුරු සිටිය යුතු බව ද ඇමතිවරයා කියා සිටී. කොරෝනා වසංගතය නිසා වත්මන් වෙළඳපළ තත්ත්වය දෙවැනි ලෝක යුද සමයටත් වඩා බරපතල ලෙස විනාශ වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

 

Related posts

වසර අවසානයේ සාද සහ ප්‍රසංග ගැන අනතුරු ඇගවීමක්

Mohamed Dilsad

බූස්ස රඳවා සිටින දරුණු ගණයේ අපරාධකරුවන්ගේ අලුත්ම මෙහෙයුම

Mohamed Dilsad

තිලකරත්න දිල්ෂාන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ බිමට

Mohamed Dilsad

Leave a Comment