දේශීය

අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට එන්නත්කරණය අද සිට

(UTV | කොළඹ) – වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත අද (08) සිට ලබාදෙන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කළාය.

කොවැක්ස් පහසුකම යටතේ යුනිසෙෆ් අරමුදල මගින් ශ්‍රී ලංකාවට නොමිළේ ප්‍රදානය කළ එන්නත් මාත්‍රා දෙලක්ෂ 64,000ක් ඊයේ අලුයම කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට ළඟා විය.

පසුගිය ජනවාරි 29 වනදා සිට මේ දක්වා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් හත්ලක්ෂ 29,563 දෙනෙකුට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මේ අතර, ඔස්ට්‍රියාව ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාදීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

විදෙස් වාර්තා සදහන් කළේ එන්නත්කරණයට ලක් කළ එක් පුද්ගලයෙකු මිය යාම සහ තවත් අයෙකු රෝගාතුරවීම සැලකිල්ලට ගනිමින් ඔස්ට්‍රියානු සෞඛ්‍ය බලධාරීන් එම පියවර ගෙන ඇත.

 

 

 

Related posts

හංගන්න දෙයක් නෑ… -ඇමති බන්දුල

Mohamed Dilsad

දෙයියන්දර අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ ගින්නක්

Mohamed Dilsad

හිටපු ඇමති ටිරාන් අලස්ට දී තිබුණ විශේෂ කාර්යය බලකා ආරක්ෂාව ඉවත් කරයි

Editor O

Leave a Comment