ක්‍රීඩා

Road Safety World Series හි ශ්‍රී ලංකා ප්‍රවීණයන් අද තරඟ පිටියට

(UTV| ඉන්දියාව) – ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වෙයි.

අද තරග වදින්නේ ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් ප්‍රවීණයන්ගේ කණ්ඩායමයි.

මෙම තරගාවලියේදි ශ්‍රී ලංකා පිළ මෙහෙයවන්නේ තිලකරත්න දිල්ෂාන් විසින්.

සනත් ජයසූරිය , මාවන් අතපත්තු , උපුල් චන්දන , චමින්ද වාස් වැනි මෙරට ප්‍රවීණ ක්‍රීඩකයන් රැසක් තරගාවලියට සහභාගි වනවා.

Road Safety World Series 2021 තරගාවලිය ඊයේ (05) දිනයෙන් ආරම්භ විය.

තරගාවලියේ පළමු තරගය රාත්‍රී 7ට ආරම්භ වූයේ India Legends සහ Bangladesh Legends කණ්ඩායම් අතරයි.

මෙම තරගාවලියේ පළමු අදියර පසුගිය වසරේ මාර්තු මාසයේ දී ආරම්භ වූ නමුත්, තරග 4 ක් පමණක් පැවැත්වීමෙන් අනතුරුව තරගාවලිය අත්හිටුවීමට සිදු වූයේ කොරෝනා වසංගතය හේතුවෙන්.

ඒ අනුව එම අදියරේ ඉතිරි තරග අද සිට එළඹෙන 21 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

 

Related posts

සන්රයිසස් හයිද්‍රාබාද් IPL දෙවන සුදුසුකම් ලබා ගැනීමේ තරඟයට

Mohamed Dilsad

ආරාධිත ක්‍රිකට් තරගාවලිය සඳහා සංචිත නම් කෙරේ

Mohamed Dilsad

ඔස්ට්‍රේලියා – පාකිස්තාන තරගය අද

Mohamed Dilsad

Leave a Comment