ක්‍රීඩා

Road Safety World Series හි ශ්‍රී ලංකා ප්‍රවීණයන් අද තරඟ පිටියට

(UTV| ඉන්දියාව) – ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වෙයි.

අද තරග වදින්නේ ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් ප්‍රවීණයන්ගේ කණ්ඩායමයි.

මෙම තරගාවලියේදි ශ්‍රී ලංකා පිළ මෙහෙයවන්නේ තිලකරත්න දිල්ෂාන් විසින්.

සනත් ජයසූරිය , මාවන් අතපත්තු , උපුල් චන්දන , චමින්ද වාස් වැනි මෙරට ප්‍රවීණ ක්‍රීඩකයන් රැසක් තරගාවලියට සහභාගි වනවා.

Road Safety World Series 2021 තරගාවලිය ඊයේ (05) දිනයෙන් ආරම්භ විය.

තරගාවලියේ පළමු තරගය රාත්‍රී 7ට ආරම්භ වූයේ India Legends සහ Bangladesh Legends කණ්ඩායම් අතරයි.

මෙම තරගාවලියේ පළමු අදියර පසුගිය වසරේ මාර්තු මාසයේ දී ආරම්භ වූ නමුත්, තරග 4 ක් පමණක් පැවැත්වීමෙන් අනතුරුව තරගාවලිය අත්හිටුවීමට සිදු වූයේ කොරෝනා වසංගතය හේතුවෙන්.

ඒ අනුව එම අදියරේ ඉතිරි තරග අද සිට එළඹෙන 21 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

 

Related posts

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සේවකයින්ගේ වැටුප් ඉහළට

Mohamed Dilsad

අදත් අන්තර් පාසල් මහා ක්‍රිකට් තරඟ දෙකක්

Mohamed Dilsad

සාර්ක් පළමු රන් පදක්කම ටයිකොන්ඩෝ ඉසව්වෙන්

Mohamed Dilsad

Leave a Comment