විදෙස්

ප්‍රචන්ඩත්වය සහ අන්තවාදය අවසන් කරන්නැයි පාප්වහන්සේ ඉරාකයේදී ඉල්ලයි

(UTV | ඉරාකය) – සිය ප්‍රථම ඉරාක සංචාරය සඳහා ඊයේ බැග්ඩෑඩ් නුවරට පැමිණි ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ ප්‍රචන්ඩත්වය සහ අන්තවාදය දුරලන ලෙස විවෘත ඉල්ලීමක් සිදු කළේය.

යුද්ධයෙන් පීඩාවට ලක්වූ ඉරාකයට පාප් වහන්සේ ඊයේ පැමිණියේ කිහිපවතාවක්ම එම සංචාරය කල් දැමීමෙන් අනතුරුවයි.

එමෙන්ම කොරෝනා වෛරස් ගෝලීය වසංගතය ආරම්භවීමෙන් පසු පාප් වහන්සේ යෙදෙන ප්‍රථම විදෙස් සංචාරයද මෙයයි.

පාප්වහන්සේගේ සංචාරය නිමිත්තෙන් ඉරාක ආරක්ෂක හමුදාවල සාමාජිකයන් දස දහසක් පමණ යොදවා ඇති බව සඳහන්.

පාප්වහන්සේ ගුවන් තොටුපලේදී පිළිගනු ලැබුවේ ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් හදිමි විසින්.

රතු පළස මතින් පිළිගැනුනු පාප්වහන්සේ දැකබලාගැනීමට ගුවන් තොටුපලේ සිට වීථි ඔස්සේ ජනතාව පෙළගැසී සිටි බව විදෙස් වාර්තා පවසයි.

 

Related posts

කියර් ස්ටාමර් බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස නිල වශයෙන් ප්‍රකාශයට.

Editor O

චීන ටියන්ගොන් පොළොවට කඩා වැටෙයිද?

Mohamed Dilsad

ඉන්දීය කොරෝනා ප්‍රභේදය රටවල් 44 ක

Mohamed Dilsad

Leave a Comment