දේශීය

නම මස් වියැති කුඩා බිළිඳියට අමානුෂිකව පහරදුන් මව අත්අඩංගුවට

(UTV | යාපනය) – සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වන කුඩා බිළිඳෙකුට ඉතා අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශනයට අදාළව බිළිඳාගේ මව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

එම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබු අතර, එහි බිළිඳාට දරුණු ලෙස පහරදෙන අයුරු සහ එම කාන්තාව පැහැදිලිවම දක්නට ලැබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ යාපනය – අරියාලේ – නාවල්අඩි ප්‍රදේශයෙන් මෙම සිද්ධිය වාර්තා වන බවයි.

මාස 9ක් වයසැති මෙම බිළිඳාට 24 හැවිරිදි මව විසින් කෝටුවකින් පහර දී පසුව කාමරයක් තුලට ඇදගෙන ගොස් යලි කෝටුවෙන් පහර දෙන ආකාරයත් එහිදී දැඩි වේදනාවෙන් එම දරුවා හඩන අයුරුත් එම වීඩියෝවේ දැක්වෙයි.

ඇයගේ ස්වාමිපුර්ෂයා විදෙස්ගතව රැකියාවක නියුතු වේ.

පහරදීම සිදුකළ මව මීට මාසයකට පමණ පෙර කුවේට් රාජ්‍යයේ සිට දරුවාද සමග මෙරටට පැමිණ ඇති අතර ඇය කලක් තිස්සේ එරට රැකියාව නිරතව සිට ඇති බවයි විමර්ශණවලදී අනාවරණය වී තිබේ.

බිළිඳා ද අද දිනයේ පොලිස් භාරයට ගත් අතර, අත්අඩංගුවට පත් කාන්තාව යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

Related posts

අගමැතිට පාර්ලිමේන්තුවේ බහුතරය නැතිවෙයි

Mohamed Dilsad

රනිල් වික්‍රමසිංහ මහතාට, හිටපු ජනපතිවරයෙකුට සපයන ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ ආරක්ෂාව සපයා තියෙනවා – පොලිස් මාධ්‍ය කොට්ඨාසය

Editor O

නීතිඥ සාලිය පීරිස් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයට

Mohamed Dilsad

Leave a Comment