දේශීය

එන්නත්කරණයට ලක්වූ සංඛ්‍යාව ලක්ෂ 05 ඉක්මවයි

(UTV| කොළඹ) – මෙරටදී කොවිඩ් එන්නත ලබාගත් පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 05 ඉක්මවා ගොස් ඇත.

ඊයේ දිනයේදී තවත් පුද්ගලයන් 42, 925 දෙනෙකුට කොවිඩ් එන්නත දී තිබූ අතර ඒ අනුව මේ දක්වා මෙරට පුද්ගලයන් පන් ලක්ෂ 09 දහස් 275 දෙනෙකුට කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී අවසන්.

එමෙන්ම, කොරෝනා මර්ධන එන්නත්කරණ මධ්‍යස්ථාන අසල අනවශ්‍ය ලෙස ඒකරාශිවිමෙන් වළකින්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දීමක් කරයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ එන්නත ලබා දිය යුතු සියලු දෙනාට එය ලබාදෙන බවයි.

 

Related posts

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

චන්ද්‍රිකා අත්තනගල්ල ආසන සංවිධායක ධුරයෙන් ඉවතට

Mohamed Dilsad

කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයින් 10 ක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment