දේශීය

අඛණ්ඩව විදුලිය සැපයීම ගැටලුකාරී තත්ත්වයක

(UTV| කොළඹ) – ජල විදුලි උත්පාදනයේ ක්‍රමික අඩුවීමත් සමග අඛණ්ඩව විදුලිය සැපයීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක ලකුණු මතුවෙමින් තිබේ.

විදුලි බල අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, වියළි කාලගුණය හේතුවෙන් විදුලිය නිෂ්පාදනයෙන් 74% ක් ගල් අඟුරු හා ඩීසල් තාප බාලාගාර ආශ්‍රිතව නිපදවීමට සිදුවන බවයි.

මේ දිනවල සමස්ත විදුලි නිෂ්පාදනය ගිගාවොඩ් පැය 38.46 ක් පමණ වේ.

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල විදුලිය නිෂ්පාදනයට 23.1% ක් දක්වා පහත බැස ඇත.

ඒ අනුව මේ වනවිට ප්‍රධාන විදුලිබල පද්ධතියට සැපයෙන සමස්ත විදුලි බල ප්‍රමාණයෙන් 74.92% ක් ම ජනනය කරනු ලබන්නේ, ඩීසල් හා ගල් අඟුරු තාප බලාගාර මගිනි.

ලංකා විදුලි බල මණ්ඩල පවසන්නේ, කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමට මේ වනවිට සියලු පියවර ගෙන ඇති බවයි.

මේ අතර , කොළඹ නගරයට තදාසන්න ප්‍රදේශවල මේ දිනවල විටින් විට සිදුවන බව කියන තාවකාලික විදුලිය ඇණ හිටීමේ සිද්ධි සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන බව ලංකා විදුලි බලමණ්ඩලය ප්‍රකාශ කරයි.

 

Related posts

පළාත් කිහිපයකට තරමක තද වැසි

Mohamed Dilsad

බස්නාහිරින් පිටවන අයට අදත් ස්ථාන 4 කදී ඇන්ටිජන් පරීක්ෂණ

Mohamed Dilsad

නුවර – කොළඹ පෞද්ගලික බස් වර්ජනයක්

Mohamed Dilsad

Leave a Comment