දේශීය

පළාත් කිහිපයකට තරමක තද වැසි

නැගෙනහිර, ඌව, උතුරුමැද සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක.

 

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි. මී 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව දන්වා ඇත.

 

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වේ.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

 

Related posts

බස් රථවලින් කප්පම් ලබාගැනීම දිනකට රුපියල් කෝටියක්

Editor O

ක්‍රීඩා ඇමතිගේ ප්‍රකාශයට ක්‍රිකට් ආයතනයෙන් පිළිතුරු

Mohamed Dilsad

අලෙවි නියෝජිතයන් අගයන DBL Night සාර්ථකව අවසන් වෙයි

Editor O

Leave a Comment