ක්‍රීඩා

කොදෙව් සංචිතයට නම්කල කිසිවෙකුටත් කොවිඩ් නොමැති බව තහවුරු වෙයි

(UTV | කොළඹ) – බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ඉලක්ක කර සිදුකරන ලද පුහුණුවීම් සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින් 35 දෙනාගෙන් කිසිවකුටත් කොවිඩ්-19 වෛරසය අසාධනය වී නැතැයි PCR පරීක්ෂණවලදී තහවුරු වී ඇත.

මෙම පිරිසට අමතර පුහුණුවීම් සඳහා යොදාගනු ලබන පන්දු යවන්නන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ කාර්යය මණ්ඩලයට අයත් පිරිසද ඇතුළත්ව තිබුණි.

ඔවුන් සියළු දෙනාද යහපත් සෞඛ්‍ය මට්ටමේ පසුවන බව PCR පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන මිකී ආතර් ට සහ ඉදිරි පෙළ පිතිකරු ළහිරු තිරිමාන්නට කොරෝනා වෛරසය අසාධනය වීම හේතුවෙන් පුහුණුවීම් සියල්ල නවතා දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්හ.

එහිදී සියලුදෙනාටම PCR පරීක්ෂණ සිදුකිරීමට කටයුතු කළේය.

 

Related posts

කොදෙව්වන් සමඟ හෙට පැවැත්වෙන තරඟයේදී ක්‍රීඩාකල හැකි ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න

Mohamed Dilsad

බාර්සිලෝනා කණ්ඩායමෙන් තමන් ඉවත් නොවන බව මෙසී කියයි

Mohamed Dilsad

සව්රවු ගංගුලි හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහලට

Mohamed Dilsad

Leave a Comment