ක්‍රීඩා

කොදෙව් සංචිතයට නම්කල කිසිවෙකුටත් කොවිඩ් නොමැති බව තහවුරු වෙයි

(UTV | කොළඹ) – බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ඉලක්ක කර සිදුකරන ලද පුහුණුවීම් සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින් 35 දෙනාගෙන් කිසිවකුටත් කොවිඩ්-19 වෛරසය අසාධනය වී නැතැයි PCR පරීක්ෂණවලදී තහවුරු වී ඇත.

මෙම පිරිසට අමතර පුහුණුවීම් සඳහා යොදාගනු ලබන පන්දු යවන්නන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ කාර්යය මණ්ඩලයට අයත් පිරිසද ඇතුළත්ව තිබුණි.

ඔවුන් සියළු දෙනාද යහපත් සෞඛ්‍ය මට්ටමේ පසුවන බව PCR පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන මිකී ආතර් ට සහ ඉදිරි පෙළ පිතිකරු ළහිරු තිරිමාන්නට කොරෝනා වෛරසය අසාධනය වීම හේතුවෙන් පුහුණුවීම් සියල්ල නවතා දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්හ.

එහිදී සියලුදෙනාටම PCR පරීක්ෂණ සිදුකිරීමට කටයුතු කළේය.

 

Related posts

බංග්ලාදේශ ක්‍රිකට් නායකට තරඟ තහනමක්

Mohamed Dilsad

එංගලන්ත ක්‍රීඩකයන් තිදෙනෙකුට පළමු ටෙස්ට් තරග දෙකේදී විවේකයක්

Mohamed Dilsad

සුපිරි ටෙනිස් ක්‍රීඩක රොජර් ෆෙඩර් පිටියට සමුදෙයි

Mohamed Dilsad

Leave a Comment