දේශීය

ඇකිරිය – ලුණුගල ප්‍රදේශයට සුළු භූ කම්පන තත්ත්වයක්

(UTV | මඩොල්සිම) – ඇකිරිය – ලුණුගල ප්‍රදේශය ආශ්‍රිතව අද අලුයම සුළු භූ චලනයක් හටගෙන ඇත.

භූ විද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා පැවසූවේ අද අලුයම 04.53 ට පමණ එය හටගෙන ඇති බවයි.

ඔහු සඳහන් කළේ මෙම කම්පනය රික්ටර් මාපක එකට වඩා අඩු අගයක් ලෙස පල්ලෙකැලේ සහ හක්මන ප්‍රදේශවල ස්ථාපිත කර ඇති භූ කම්පන මාපකවල සටහන්ව තිබූ බවයි.

පසුගිය ජනවාරි මස 22 වැනිදාද වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව රික්ටර් පරිමාණයේ 1.8 ක සුළු භූ චලනයක් සිදුවිය.

මඩොල්සිම පොලිස් වසමට අයත් ඇකිරිය ගම්මානයේ ස්ථාන කිහිපයකටද එම භූ චලන තත්ත්වය දැනී ඇති බව වාර්තා විය.

 

 

Related posts

තැපැල් ඡන්දය සලකුණු කිරීම අද දෙවන දිනටත්

Mohamed Dilsad

මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික් සඳහා නයයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක්

Editor O

බෝරා සමුළුව වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

Editor O

Leave a Comment