ක්‍රීඩා

ලෝක පැරා ගෝන් ෆ්‍රී මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

(UTV | ඩුබායි) – ඩුබායිහි පැවැත්වෙන ලෝක පැරා ගෝන් ෆ්‍රී මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනාදීමට කුමුදා ප්‍රියංකා ක්‍රීඩිකාව සමත්ව තිබෙනවා. ඒ, දුර පැනීම ඉසව්වෙන්.

ඇය දැක්වූ දක්‍ෂතාව මීටර් 4 යි දශම 8 යි 5 ක්. එම ඉසව්වේ 3 වන ස්ථානය ශ්‍රී ලංකාව නියෝජනය කළ අමරා ඉන්දුමතී විසින් දිනාගත්තේ මීටර් 4 යි දශම 7 යි 7 ක දක්‍ෂතාවක් වාර්තා කරමින්.

මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියක් ලෙස මෙම තරගාවලිය පැවැත්වෙන අතර ඒ සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකු එක්ව ඇත.

 

Related posts

කුමාර ධර්මසේන හා රුචිර පල්ලියට කැඳවීමක්

Mohamed Dilsad

තිලකරත්න ඩිල්ෂාන්ට ICC යෙන් ලැබුණු දේ

Mohamed Dilsad

ශීී‍්‍ර ලංකා රග්බි කණ්ඩායම පළඟ ශූරතාව දිනා ගනී

Mohamed Dilsad

Leave a Comment