ක්‍රීඩා

LPL නියාමනයට නව පාලක මණ්ඩලයක්

(UTV | කොළඹ) – ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය නියාමනය වෙනුවෙන් නව පාලක මණ්ඩලයක් පිහිටුවන බවට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කොට ඇත.

LPL තරඟාවලිය පවත්වා මාස 02 ක් ගත වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමිවිය යුතු රුපියල් කෝටි 16 ක මුදල අයකර ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් විමසා සිටි අතර, එහිදී අමාත්‍යවරයා පැවසුවේ එම මුදල් අයකර ගැනීමේ කටයුතු සැලැස්මකට අනුව සිදුවන බවය.

මෙම වසරේ LPL තරඟාවලිය ලබන අගෝස්තු මාසයේ දී පැවැත්වීමට තීරණය කර තිබෙන බව ද ක්‍රීඩා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.

නව LPL පාලක මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා මෙසේ අදහස් දැක්වීය.

” තව මාසයක් යන විට අපි LPL පාලක මණ්ඩලයක් පත් කරනවා. සියලුම Franchise ක්‍රීඩා තරගාවලි නියාමනය සදහා කමිටුවක් පත් කරනවා. ඒ කමිටුව විසින් ඒ හැම ක්‍රීඩාවකම පැවැත්ම පිළිබදව නියාමනය කරනවා”

LPL තරගාවලිය වගේම ඉදිරිකාලයේදී වොලිබෝල්, කබඩි, රග්බි , බීච් වොලිබෝල් හා නෙට් බෝල් යන ඉසව් සදහාද Franchise තරගාවලි පැවැත්වීමට සැලසුම් කොට ඇති බව ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශය කොට ඇත.

 

Related posts

සුපිරි පන්දු වාරයේ නීති වෙනස් වෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට ලකුණු 374 ක ඉලක්කයක්

Mohamed Dilsad

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාල සටහන මෙන්න

Mohamed Dilsad

Leave a Comment