ක්‍රීඩා

ශ්‍රී ලංකාවට ලකුණු 374 ක ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පළමු එක්දින තරගය මේ වන විට Guwahati හි දී පැවැත්වෙනවා.

 

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 373 ක් ලබා ගැනීමට සමත් වුණා.

 

පන්දුවට පහරදීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන්,Virat Kohli ලකුණු 113 ක්, Rohit Sharma ලකුණු 83 ක් හා Shubman Gill ලකුණු 70 ක් ලබා ගත්තා.

 

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කසුන් රාජිත කඩුලු 3 ක්, දිල්ෂාන් මදුෂන්ක, චාමික කරුණාරත්න, දසුන් ශානක හා ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

 

එ් අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 374 ක්.

ලකුණු පුවරුව පහතින්,

 

 

Related posts

Road Safety World Series හි ශ්‍රී ලංකා ප්‍රවීණයන් අද තරඟ පිටියට

Mohamed Dilsad

උමාර් අක්මාල්ගේ අභියාචනය විභාග කිරීමට දින නියම වෙයි

Mohamed Dilsad

ඉන්දියාවේ ආරක්ෂිත ප්‍රදේශයක ක්‍රිකට් පුහුණුවීම් ඇරඹීමට යයි

Mohamed Dilsad

Leave a Comment