දේශීය

අනුමැතියකින් තොරව මුදල් කපාගන්නා බැංකුවලට එරෙහිව නීතිය

(UTV | කොළඹ) – විවිධ ආකාරයේ සූක්ෂම ක්‍රම ඔස්සේ ගණුදෙනුකරුවන්ගේ මුදල් ඔවුන්ගේ අනුමැතියකින් තොරව අයකරගන්නා බැංකු හෝ මූල්‍ය ආයතනවලට එරෙහිව පියවර ගැනීමට අවශ්‍ය නව නීති හඳුන්වාදීමට රජය තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

විශේෂයෙන් දඩ පොලී අයකරගැනීම බව පවසමින් ගිණුම් හිමියන්ගේ මුදල් ඔවුන්ගේ අවසරයකින් තොරව ඇතැම් මූල්‍ය ආයතන විසින් අයකරන්නා බවට තමන්ටද තොරතුරු ලැබී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

ඇතැම් බැංකු ක්‍රියාත්මක කරන වැරදි තීරණ සඳහා ඉඩ නොදීමට ඉදිරියේදී නීතිරීති කිහිපයක්ම යෝජනා කිරීමට තමා බලාපොරොත්තුවන බවත් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

Related posts

දෙහිවල ජාතික සත්වෝද්‍යානය ලබන සඳුදා සිට විවෘතයි

Mohamed Dilsad

වැලිමඩ, කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානවලට ගෝවා, කැරට් හා බෝංචි තොග ලැබෙයි

Editor O

විශේෂ සති අන්ත එන්නත් වැඩසටහනක්

Mohamed Dilsad

Leave a Comment