දේශීය

ජාතික පාසල් 170 ක විදුහල්පති පුරප්පාඩු

(UTV | කොළඹ) – ජාතික පාසල් 170 ක විදුහල්පති පුරප්පාඩු පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.   

ඒ අනුව පවතින විදුහල්පති පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා සැලසුම් කර ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ , ඒ සඳහා වන සම්මුඛ පරීක්ෂණ මේ වනවිට අවසන් අදියරේ පවතින බවත් , සම්මුඛ පරීක්ෂණවල ප්‍රතිඵල රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යොමු කිරීමට පියවර ගන්නා බවත්ය.

ජාතික පාසල් 373 ක් පවතින අතර විදුහල්පති පුරප්පාඩු පැවති පාසල් 100 කට මේ වනවිට විදුහල්පතිවරුන් පත් කර ඇති බව ද ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

 

 

Related posts

අන්තර් පළාත් බස් සේවා අද සිට

Mohamed Dilsad

අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ නැතුව ශල්‍යකර්ම කළ නොහැකි බව කියමින් විශේඥ වෛද්‍යවරියක් ඉල්ලා අස්වෙයි

Editor O

වැඩ බැරි දේශපාලකයෝ අපට මාෆියාකාරයෝ කියනවා – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

Editor O

Leave a Comment